කාලෙන් කාලෙට රියැලිටි තරග ඔස්සේ ජනප්‍රිය දක්ෂ තරැ බිහිවෙනවා. අද හදසර මේ කතාබහත් රියැලිටි තරගයක් ඔස්සේ ලාංකික සංගීත ක්ෂේත්‍රයට එක්වූ ගායන ශිල්පියෙක් සමඟ, ඔහු නමින් උදේශ් මනෝජ්, ඩ්‍රීම් ස්ටාර් තරැ මාවතේ දෙවන අදියරේ අනුශූරතාව දිනාගන්නේත් උදේශ් මනෝජ්. වසර හයක නිහැඬියාවකින් පස්සේ පළමු Music Video එක විදියට උදේශ් මනෝජ්ගේ “නොපැතූ අවසානයේ* මේ දිනවල අහන්න දකින්න පුළුවන්. එදා මෙදාතුර ගමන් මග ගැනත් තමන්ගේ මුල්ම Music Video එක ගැනත් උදේශ් හදසරට කිව්වේ මෙහෙම.
උදේශ් මනෝජ් මේ දවස්වල නම් ගොඩක් සතුටින් නේද ඉන්නේ
ඇත්තෙන්ම ඔව්. මොකද මගේ පළවෙනි වීඩියෝ එක කළා. “නොපැතූ අවසානයේ* වසර 6කට පස්සේ තමා මම මේ ගීතය කළේ. ඉතින් මේ දවස්වල ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් සතුටින් ඉන්නේ.
ඔබේම ගීත අතර තියෙන්නේ මේ ගීතය විතරද?
කසුන් කල්හාර සංගීතවත් කරපු රඹුකන හාමුදුරැවෝ ලියපු මගේ තව ගීත තියෙනවා. නමුත් වීඩියෝ එකක් එක්ක කළ පළමු ගීතය තමා මේ.
ඇයි නොපැතූ අවසානේ වගේ ගීතයක් කරන්න හිතුණේ
හේතු කිහිපයක් තියෙනවා. එකක් මම වසර 6කට පස්සේ තමා වීඩියෝ එකක් එක්ක ගීතයක් කරන්නේ, ඉතින් මට ඕනේ වුණා ආදරණීය රසික රසිකාවියන්ට මාව මතක් කරලා දෙන්න. ඒ නිසා තමයි මේ කාලේ ප්‍රචාරය වන ගීත අතරට යා හැකි ගීතයක් කරන්න ඕනේ වුණා. මේ ගීතයේ පද රචනය ලසිත ජයනෙත්ති ආරච්චිගේ, සංගීතවත් කළේ දිල්ශාන් එල්. සිල්වා, videoඑක කළේ Music Village කියන ආයතනයේ ගිහෙන් නිශාන් අයියා.
ඇයි ඔබවම ඔබ ආයේ මතක් කරන්නේ, ඔබව ප්‍රේක්ෂකයින්ට අමතක වෙලාද?
ඒක එහෙමයි කියන්නත් බැහැ. නමුත් එහෙම නැහැ කියන්නත් බැහැ. මොකද කුරිරැ යුද්ධයත්, වියරැ සුනාමියත් අද කීයෙන් කී දෙනාටද මතක, ඉතින් මාව අමතක වුණත් මම ඒ ගැන පුදුම වෙනෙත් නැහැ. එත් මට හිතුණා ආයේ ප්‍රේක්ෂකයින් අතරට ගිහින් මගේම කියන ගීත කිහිපයක් කරන්න.
ඔබ යුද හමුදා සේවයේ ඉන්න අතරතුර ඩ්‍රීම් ස්ටාර් තරගයට ආවේ
ඔව්. අදටත් මම දැනට යුද හමුදා යුද්ධෝපකරණ බළකායේ Super Rounds (අධි රිද්ම) සංගීත කණ්ඩායමේ යෙදී සිටිනවා. ඒ අතර තමා මේ සංගීත වැඩකටයුතු කරගෙන යන්නේ.
ඇයි ගීතයක් කරන්න මේ තරම් කාලයක් ගත්තේ?
ඒකට හේතු එකක් කියන්න බැරි තරම්. ආර්ථික ගැටලු, එතකොට මට ගැළපෙන හොඳ නිර්මාණයක් ලැබීමේ ප්‍රමාදයන් මේ නමුත් මම හිතනවා මේ මගේ හොඳම කාලය වෙන්න ඇති.
අපි ටිකක් අතීතයට යමු, ඔබේ ළමා කාලය
මගේ ගම පින්නදූව, මම ඉගෙන ගත්තේ ගාල්ල පින්නදූව ජයන්ති මහා විද්‍යාලය, මම තමා පාසැලෙන් සමස්ත ලංකා ගිය පළවෙනි කෙනා. එතකොට පද්‍ය ගායනා, භක්ති ගීත, විරැදු කවි පන්ති, මම කියන්න ගත්තා. නමුත් මගේ පුංචි ගෙපැළේ ගුවන් විදුලි යන්ත්‍රයක්වත් තිබ්බේ නැහැ. අහළ පහළ තිබ්බ ගුවන් විදුලි යන්ත්‍රවලින් ඇහුණු ගීත ශ්‍රවණය කිරීමෙන් සහ මගේ කුඩා පැල්පත ආසන්නයේමයි පන්සල තිබ්බේ, ඉතින් නිතර මට කවි බණ, භක්ති ගීත එහෙම ඇහෙනවා. ඒවා ගීත ශ්‍රවණය කිරීමෙන් තමා මම ගීත ගායනයට පෙළඹීම වුණේ. දහම් පාසැලේ බැති ගී සරණිවලට මම සහභාගි වුණා. ඒ කාලේ ඉඳන්ම මගේ සිහිනයක් තිබ්බා යම් දවසක මම මගේ මවුපියන්ව මුළු ලංකාවටම ලෝකයටම පෙන්වනවා කියන එක. ඒ වගේම රටේ ජනප්‍රිය කෙනෙක් වෙනවා කියන එක මගේ හිතේ තිබ්බා. තුරැණු ශක්ති වැඩසටහන්, යුද හමුදාවට ආවට පස්සේ යුද, නාවික, ගුවන්, පොලිස් සිවිල් ආරක්ෂක කියන අංශ යටතේ පැවති රණවිරැ තරගයකින් මම ලංකාවේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඊට පස්සේ තමා මම ඩ්‍රීම් ස්ටාර් එකට ආවේ.
ඔය ආර්ථික ගැටලු එක්ක කොහොමද මෙවැනි රියැලිටි තරගයකට මුහුණ දුන්නේ
මව්පියන්ගෙන් ලොකු ආශිර්වාදයක් මටත් නොඅඩුව ලැබුණා. කොයිතරම් ආර්ථික දුෂ්කරතා තිබ්බත් මට ඒ මවුපිය ආදරය, ආශිර්වාදය ලබන්න මම වාසනාවන්ත වුණා. ඒ වගේම මගේ ගම මට ගෙදර වගේ ඉතින් මගේ පින්නදූව ගමේ සියලුදෙනා උදව් කළා. ඒ වගේම තමා යුද හමුදාවත්, මම මේ තරගෙට එද්දී යුද හමුදාවේ කෙනෙක් මෙවැනි රියැලිටි තරගයකට ඇවිත් තිබ්බේ නැහැ. ඒ නිසා මුල්‍යම පැත්තෙන් පවා මට ලොකු ශක්තියක් වුණා. මේ සියලු අයගේ ශක්තිය නිසයි අද මම මේ තත්ත්වයට ආවේ. ඔවුන් නැතිනම් මට මේ තත්ත්වයට එන්න බෑ.
තවමත් ඔබ පින්නදූව ගමේ ද පදිංචිය?
ඒක අහපු එක වැදගත්. මොකද රියැලිටි තරගවලින් ආපු අය තමන්ගේ ගම එතකොට උදව් කළ පිරිස් අමතක කරනවා කියන චෝදනාව තියෙනවනේ. මම දැන් ගෙයක් හදාගෙන යනවා මම ඩ්‍රීම් ස්ටාර් එද්දී තිබ්බේ ලීවලින් හදපු ගෙයක් හැබැයි මම කුඩා කාලේ එතැන තිබ්බේ කටු මැටි ගෙයක් අද මම හදන අලුත් ගෙය හදන්නේ ඩ්‍රීම් ස්ටාර් එද්දී තිබ්බ මගේ කුඩා නිවස ආසන්නයේමයි. මම දැනටත් යුද හමුදාවේ සේවය කරන නිසා නිවාඩු නම් අඩුයි. නමුත් ගමේ මළ ගෙයක්, දානයක්, පිරිතක් ඒ වගේම මංගල අවස්ථාවක් තිබ්බොත් මම අනිවාර් යෙන්ම සහභාගි වෙනවා. ඒ වගේම මට කළහැකි මට්ටමෙන් උදව් කරනවා. මම කවදාවත් මගේ ගම අමතක කරන්නේ නැහැ.
අනාගත බලාපොරොත්තු
මට හිතෙනවා වෙනස්ම විදියක් මේ සංගීතය අපිට හිටිය අපේ සංගීතයේ ගුරැ පියාණන් වන අමරදේව සර් පසුගියදා නැති වුණා. ඒ තැන වෙන කෙනෙකුට ගන්න බැහැ. ඒවගේම ආයේ අපිට එහෙම ගුරැපියෙක් ලැබෙයිද කියන එකත් හිතන්න වෙනවා. හැබැයි මම දකින්නේ ලංකාවේ සුන්දර කලාකාමී පිරිසක් අද ඉන්නවා. මමත් බලාපොරොත්තු වෙන්නේ මට පුළුවන් මිනිසුන්ට විඳින්න පුළුවන් විදියේ නිර්මාණ එකතුවක් කරන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා බුදු ගුණ ගීතයක්, මව් පිය ගුණ ගීතයක් කරන්න. මොකද කවද හරි දවසක මම ගයපු එවැනි ගීතයක් මටම ඇහුණොත් මම එදාට ගොඩක් සතුටු වෙයි.
මේ දුර එන්න උදව් කළ අය
අම්මයි තාත්තයි අනිවාර් යෙන්ම මතක් කරන්න ඕනේ, මොකද ඒ ආශීර්වාදය මෙතකැයි කියන්න වචන නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බළකායේ Super Rounds මගේ සංගීත කණ්ඩායමේ සාජන් ප්‍රියන්ත ප්‍රමුඛ මගේ සියලුම සහෝදරයින්ගෙන් ලැබුණු සහයෝගය විශේෂයි. ඒවගේම මහරගම පදුම ස්වාමීන්වහන්සේ, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පදනමේ අධ්‍යක්ෂ අනිල් කුමාරසිරි අයියා, ඒ වගේම සුගත් බුළුකුඹුර, තව මම අප්පච්චි කියලා හඳුන්වන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්න සුබසිංහ සර්ව මතක් කරන්න ඕනේ. මිනුවන්ගොඩ නන්දන ටේලස් එකේ නන්දන අයියා, කිරැළපන පලතුරැ වෙළඳසැලේ ජයන්ත අයියා, කලේගාන ධම්මික අයියා, කුමුදුනි නංගි ඇතුළු මට වචනයකින් හරි උදව් කළ සියලුම දෙනාටත් මම ස්තූවන්ත වෙනවා හදසර තුළින්.
ආපසු හැරිලා බලද්දී ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
ලොකු සතුටක් තියෙනවා.
මොකද මම ආත්ම ගණනාවක ඉඳන් පුරැදු පුහුණු කරගෙන ආව නිහතමානීකම, කුහක නැතිකම, ඉරිසියාව නැතිකම, මනුස්සකම වගේ ආදරණීයකම මගේ හිත තුළ තියෙනවා. ඒ නිසා මට මේ ජීවිතේ ලබපු හැම කාලපරිඡේදයක්ම මම සතුටින් ගත කළා. මම දුප්පත් කියලා දුක් වුණේ නැහැ, ඒ දුප්පත්කම මගේ සංගීත ජීවිතයට ආශීර්වාදයක් කර ගත්තා මිසක්, මම ඒ තුළින් කවදාවත් අනුකම්පාවක් ලබා ගත්තේ නැහැ. මොකද මට ලොකු ශක්තියක් තිබ්බා ඒවගේම ඇත්ත කියන්න මම ලජ්ජ වුණේ නැහැ. මට ලැබුණු ජීවිතය මම සතුටින් ගත කළේ. ඉතින් ආපසු හැරිලා බලද්දී ජීවිතේ ගැන ලොකු සතුටක් සැහැල්ලුවක් තියෙනවා.
♦ නීෂා රන්සිත්